“Our Actions are Our Future”

Celebrating this year’s World Food Day in style, the Rotaract District Steering Committee of Rotary International District 3220 organized a debating competition under the theme ‘Our Actions are Our Future’ in collaboration with the Food and Agriculture Organization of the United Nations (FAO), International Fund for Agricultural Development (IFAD) and World Food Programme Sri Lanka (WFP). This initiative was conducted under special projects avenue with three rounds of debating competitions held online. The preliminary round and semi-finals were held on the 10th and 13th of October respectively while the grand finale was held on the 16th of October, which was live-streamed via Facebook.

Eight teams participated in the preliminary competition out of which four teams: the Peace City Hatton, Pera Tuskers, Trident, and Victrix got selected for the semi-finals whilst Peace City Hatton and Pera Tuskers out of the said teams got selected for the grand finale, which ended in triumph for the team Peace City Hatton as they cruised to victory over their rivals, the Pera Tuskers. Likewise, the team Peace City Hatton bagged the championship whilst the Pera Tuskers secured the runner-up position. Rtr. Sanjula Senadeera brought laurels to the team Pera Tuskers as he was awarded the Best Speaker prize for his outstanding oratory skills by giving the audience a ray of hope of a promising debater.

Each round was judged by a specialist panel of judges. Namashya Ratnayake, Tharuka Perera, Kavinda Bandara, Hiruni Dabarera, Hirudinie Wickramanayake, Naomi Wijetunge and Dulanji Benaragama were the first-round panelists. Lakshitha Edirisinghe, Senal Senevirathne, Hiruni Dabarera, Malka Gunarathna, Emma Premarathna and … representing the UN constituted the second-round panelist. The final round was judged by Hiruni Dabarera and Hirudinie Wickramanayake. The event was graced with the presence of the DRR Rtn. Rtr. PP Akhila Wijetunga as the chief guest and Ms. Ashani from the World Food Programme, Sri Lanka, adding more colour to the event and giving motivation to the contestants. This debating competition was hosted by the Rotaract Club of Colombo Regency, Faculty of Medicine, SUSL, Kandy Metropolitan and the University of Peradeniya.

“අප සැමටම ‘ආහාර විරුවන්’ වීමේ ශක්‍යතාවයක් ඇත. අපේ ක්‍රියාවන් අපගේ අනාගතයයි. නමුත් එය ඔබෙන් හා මගෙන් අවසන් වන්නක් නොවෙයි. පැරණි වදනකට අනුව අප කවුරුන්දැයි තීරණය වන්නේ අප ගන්නා ආහාරවලිනි. අපේ දරුවන්ගේ හා මුණුබුරන්ගේ දියුණුවට ද අප ආහාරයට ගන්නා දෙය බලපානු ඇත”

-Qu Donggu, Director General FAO-

1979 වසරේ නොවැම්බර් මස පැවැත්වූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 20වන මහා සමුළුවේදී එවකට සිටි හංගේරියානු කෘෂිකර්ම හා ආහාර ඇමති, Paal Romány ගේ යෝජනාවක් මත ඇරඹි ලෝක ආහාර දින සැමරුම අද දක්වාම වාර්ෂිකව සමරනු ලබයි. එදා සිට විවිධ තේමාවන් යටතේ කුසගින්න හා දරිද්‍රතාවය පසුපස ඇති ගැටලු පිළිබඳව රටවල් දැනුවත් කිරීම හා ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එම දිනයේදී මූලිකවම සිදු වේ. “අපේ ක්‍රියාවන් අපේ අනාගතයයි” මැයෙන් සමරනු ලැබූ මෙවර ලෝක ආහාර දිනයේ දී කෘෂි-ආහාර ක්ෂේත්‍රය “වඩාත් යහපත් නිෂ්පාදනයක්, යහපත් පෝෂණයක්, යහපත් පරිසරයක් හා යහපත් දිවියක්” කරා රැගෙන යාමට දායක වීමට ලොව පුරා වෙසෙන “ආහාර විරුවන්ට” ආරාධනා කරන ලදී.

වීරයන් යනු තමාට හැකි දෑ කරන මිනිසුන් යැයි වරෙක ප්‍රංශ ගත් කතුවරයෙකු වන Romain Rolland මහතා පවසා ඇත. රොටරැක්ට් අපි, ලෝක ආහාර දිනයේදී අපට හැකි ලෙස ලෝකය වෙනස් කරනට දායකත්වයක් ලබා දීමට, Kandy Metropolitan, Colombo Regency, Faculty of Medicine SUSL සහ University of Peradeniya යන රොටරැක්ට් සමාජයන්ගේ සත්කාරකත්වයෙන් දිස්ත්‍රික්ක මෙහෙයුම් කමිටුවේ විශේෂ ව්‍යාපෘති (Special Projects) අංශයේ සංවිධාන සවියෙන් විවාද තරඟාවලියක් පැවැත්වුවෙමු.

එක් කිරුළක් වටා සටන් වැදුණු කණ්ඩායම් අටක්!

ඔක්තෝම්බර් මස 10වන දින පැවැත්වූ පළමු වටයේ තරඟාවලියේ ජය ලැබූ Peace City Hatton, Pera Tuskers, Trident සහ Victrix කණ්ඩායම් අර්ධ අවසන් වටයට වරම් ලබන ලදී. “කෘෂිකර්මාන්තය තාරුණ්‍යයට අපේක්ෂා සහගත රැකියා ක්ෂේත්‍රයකි” මැයෙන් සටන් වැදි අර්ධ අවසන් වටයේ ජය Pera Tuskers සහ Peace City Hatton කණ්ඩායම් වලට හිමි විය. ලෝක ආහාර දිනය දා, එනම් ඔක්තෝබර් මස 16 වන දින “පාරිසරික වෙනසකට හේතු නොවන ලෙස කෘෂිකර්මාන්තයේ නිරත විය හැක” යන මාතෘකාව යටතේ පැවැත්වූ අවසන් මහා තරඟාවලිය Facebook හරහා සජීවිව විකාශය කෙරිණි.
පුරා පැය දෙකකට අධික කාලයක් තර්ක විතර්කයන්ගෙන් උණුසුම් වූ විවාද භූමියේ හොඳම කථිකයා කවුරුන්දැයි යන වග World Food Program Sri Lanka හි අශානි රත්නායක මහත්මිය විසින් එළිදරව් කරන ලදී. එහිදී සියල්ලන් අතරින් Pera Tuskers කණ්ඩායමේ සන්ජුල සේනාධීර හොඳම කථිකයා බවට පත්වන ලදි.
දක්ෂයන් අතර අති දක්ෂයන් උරින් උර ගැටුණු අවසාන වටයේ විජයග්‍රාහී කණ්ඩායම DRR Rtr. අඛිල නිවේදනය කළ අතර ලෝක ආහාර දිනය ට සමගාමීව පැවැත්වූ විවාද තරඟාවලියේ ශූරතාවය Peace City Hatton කණ්ඩායම හා අනුශූරතාව Pera Tuskers කණ්ඩායම දිනාගත්තේය.
මෙවන් කාලෝචිත තරඟාවලියක් සංවිධානයෙහි ලා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකර්මික සංවර්ධන සඳහා ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) යන ආයතන අප හා අත්වැල් බැඳගත්හ. රොටරැක්ට්වරු සෑම ක්ෂේත්‍රයකම දක්ෂයන් ය. එවැනි දක්ෂයන් රැසක් අතර අති දක්ෂයන් සෙවීම ඉතා අසීරු අභියෝගාත්මක කර්තව්‍යයකි. නමාෂ්‍යා රත්නායක, තාරුක පෙරේරා, කාවින්ද බණ්ඩාර, හිරුනි දාබරේරා, හිරුදිනී වික්‍රමනායක, නයෝමි විජේතුංග සහ දුලාංජි වෙනරගම මහත්ම මහත්මීන් පළමු වටයේ විනිසුරුවන් ලෙස ද ලක්ෂිත එදිරිසිංහ, සෙනාල් සෙනවිරත්න, හිරුණි දාබරේරා, නයිකා ගුණරත්න, එමා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් හා එක්සත් ජාතීන් නියෝජනය කරනා විනිසුරුවන් අර්ධ අවසන් වටයේ තරඟ තීරකයන් ලෙස ද අවසන් වටයේ විනිශ්චය මණ්ඩල සභිකයින් ලෙස හිරුණි දාබරේරා, හිරුදිනී වික්‍රමනායක, ශලංකා වීරසිංහ, ආචාර්ය ප්‍රතිභානී කුමාරිහාමි, ආචාර්ය චතුරංගි වික්‍රමරත්න යන මහත්මින් දක්ෂයන් අතර අති දක්ෂයන් සෙවීමේ ඒ මහඟු මෙහෙවර ඉටු කළ අතර ඔවුන්ගෙන් ලද ඒ නොමසුරු සහයෝගය ට අපි කෘතඥ වෙමු.

අපේ ක්‍රියාවන් අපේ අනාගතයයි, පැහැබර අනාගතයක් උදෙසා ජීවිත වල සාධනීය වෙනසක් ඇති කිරීමට ක්‍රියාවෙන් දායක වීමට අප හා එක් වන්න!
உலக உணவு தினத்தை முன்னிட்டு றோட்டறி மாவட்டம் 3220ன் றோட்டறக்ட் ஆனது ஐக்கிய நாடுகளின் உணவு மற்றும் வேளாண்மை அமைப்பு (FAO), வேளாண் மேம்பாட்டுக்கான சர்வதேச நிதியம் (IFAD) மற்றும் உலக உணவுத் திட்டம், இலங்கை (WFP), ஆகியவற்றுடன் இணைந்து ‘எமது செயல்களே எமது எதிர்காலம்’ என்ற கருப்பொருளின் கீழ் விவாத போட்டியை ஏற்பாடு செய்திருந்தது. நாட்டிலுள்ள அசாதாரணமான சூழ்நிலை காரணமாக இது Zoom தளம் வழியே நிகழ்நிலையில் (Online) நிகழ்ந்தது.
றோட்டறக்ட் மாவட்டம் சார்பாக றோட்டறக்ட் கழகங்களான Colombo Regency, Faculty of Medicine SUSL, Kandy Metropolitan மற்றும் University of Peradeniya ஆகியவற்றால் கொண்டு நடாத்தப்பட்டது. இந்த நான்கு பல்கலைக்கழகங்களும் நிகழ்வுக்கான ஒழுங்கமைப்பாளர்களாக தமது பணியை செவ்வனே ஆற்றின. சிறப்பு திட்டங்கள் என்ற பிரிவின் கீழ் இந்த போட்டி இடம்பெற்றது.
ஆங்கில மொழிமூலம் இடம்பெற்ற இந்த விவாதத்தில் 7 அணிகள் பங்கேற்றன. பிரிட்டிஷ் பாராளுமன்ற முறைமையில் இவ்விவாத போட்டிகள் இடம்பெற்று இருந்தன. போட்டியின் முதல் சுற்று ‘ஊட்டச்சத்தை அதிகரிக்க சுகாதாரமற்ற உணவுப்பண்டங்களை தடை செய்வதே ஒரே வழி என இவ்வவை நம்புகிறது’ என்ற தலைப்பின் கீழ் இடம்பெற்றது. போட்டியாளர் ஒவ்வொருவருக்கும் 6 நிமிடம் தொகுப்புக்கு 4 நிமிடம் வழங்கப்பட்டு இருந்தது.
Voice of Colombo Mid City, Four Spices, Nerdies, Trident, Victrix, Pera Tuskers மற்றும் Peace City Hatton என ஏழு அணிகள் மோதிய முதல் சுற்றில் , Trident, Victrix, Pera Tuskers மற்றும் Peace City Hatton ஆகியன அடுத்த சுற்றான அரையிறுதிக்கு முன்னேறின. THB Agriculture ஆனது இளைஞர்களுக்கு சிறந்த எதிர்காலத்தை வழங்கும் என இவ்வவை நம்புகிறது என்ற தலைப்பில் அரையிறுதி இடம்பெற்றது.

அரையிறுதியின் முடிவில் Pera Tuskers மற்றும் Peace City Hatton ஆகியன இறுதிச்சுற்றுக்கு முன்னேறின. ‘THB Agriculture ஐ காலநிலை மாற்றத்துக்கு வழிகோலாத வகையில் செயற்படுத்த முடியும் என இவ்வவை நம்புகிறது’ என்பதே இறுதிச்சுற்றின் தலைப்பு.
முதல் சுற்றிற்கு நமஷ்ய ரத்னாயக்க, தாருக பெரேரா, காவிந்த பண்டார, ஹிருணி தாபெரேரா, ஹிருதிணி விக்ரமநாயக்க, நயோமி விஜயதுங்க மற்றும் துலஞ்சி பெனுரகம ஆகியோர் நடுநிலைமை வகித்தனர்.
அரையிறுதிக்கு லக்ஷித எதிரிசிங்ஹ, சேனா செனவிரத்ன, ஹிருணி தாபெரேரா, நைகா குணரத்ன, எமா பிரேமரத்ன மற்றும் ஐக்கிய நாடுகளை சேர்ந்த நடுவர் ஒருவரும் நடுநிலைமை தாங்கினர்.
இறுதிச்சுற்றிற்கு ஹிருணி தாபெரேரா, ஹிருதிணி விக்ரமநாயக்க முதலானோர் நடுநிலைமை தாங்கினர்.
இறுதிப்போட்டியில் Peace City Hatton வெற்றிவாகை சூடியது. Pera Tuskers இரண்டாமிடத்தை பெற்றது. சிறந்த விவாதியாக Pera Tuskers ஐ சேர்ந்த சஞ்சுல சேனாதீர தெரிவு செய்யப்பட்டார். மொத்தமாக எட்டு அணிகள் இந்த போட்டியில் மோதின. இதிலிருந்து நான்கு அணிகள் அரையிறுதிக்கு முன்னேறின. அவற்றிலிருந்து இரு அணிகள் இறுதிப்போட்டியில் மோதின. முதல் சுற்று அக்டோபர் 10ம் திகதி நடைபெற்றது. அரையிறுதி அக்டோபர் 13ம் திகதி நடைபெற்றது அவ்வாறே இறுதிப்போட்டி அக்டோபர் 16ம் திகதியான உலக உணவு தினத்தில் அன்று நடைபெற்றது. இறுதிப்போட்டி நேரலையாக ஒளிபரப்பப்பட்டது. இதற்கு சிறப்பு விருந்தினராக DRR அகில கலந்து கொண்டார். வெற்றி பெற்ற அணியை அவரே அறிவித்தார். உலக உணவுத்திட்டம், இலங்கை சார்பாக செல்வி.அஷானி அவர்கள் கலந்து கொண்டார். சிறந்த விவாதியை அவர் அறிவித்தார். இங்ஙனம் இவ்விவாத தொடர் செவ்வனே நிறைவு பெற்றது.

Penned by Rtr. Amavasya Sirisena, Rtr. Sewmini Bandaranayake and Rtr. V. Abilaash in collaboration with the District Editorial Team

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

ast-scroll-top-iconrightbothScroll to Top